වැට් බදු ආදායම ඉහළ ගියත් ආදායම් හා සුරා බදු ආදායම් පහතට
2017 මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 436කි. එයින් 95%ක් එනම් රුපියල් බිලියන 415ක් බදු ආදායම වේ. පළමු කාර්තුවේ ආදායම් රැස්කිරීමේ ප්‍රතිශතය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 22%ක් හා පළමු කාර්තුවේ ඉලක්කයෙන් 94%ක් වේ.
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් අපේක්ෂිත ඉලක්ක අභිභවා ආදායම් වැඩිකර ගෙන තිබේ. එසේ වුවද අදායම් බදු හා සුරාබදු අය කිරීම් සම්බන්ධයෙන් වූ ඉලක්ක වෙත ළඟා වී නොමැති බව කැබිනට් මණ්ඩලයේ අනාවරණය විය. විශේෂයෙන් මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරාබදු රැස් කිරීමේ අඩු ප්‍රගතියක් දක්නට ලැබෙන බවද කැබිනට් මණ්ඩලයට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙයි.
2017 පළමු කාර්තුවේ එක් එක් මාසය අවසානයට හා කාර්තුව අවසානයට රජයේ ආදායම් විස්තර ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
