අත්තනෝමතික ආකාරයට වැට් බදු ඉහළ දමා ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව හෙට (30දා) සිට ජනතාවහා එක්ව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ අනුව හෙට(30දා) සවස වැට් බදු ඉහළ යාම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කරන බවත් පක්ෂයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට අමතරව ජුනි 03 වැනි දින විරෝධතා පෙළපාළියක් පවත්වා කොළඹ - කොටුව දුම්රියපොළ ඉදිරිපිටද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් එම පක්ෂය සැලසුම් කර තිබේ.