මොරටුව කොරළවැල්ල වාළුකාරාමය ඉදිරිපිට අද (05දා) විවෘත කළ ගවමස් හලට විරෝධය පළ කරමින් ගම්වාසීන් හා භික්ෂූන් වහන්සේලා එම ගවමස් හල ඉදිරිපිටට පැමිණි විරෝධතාවේ නිතර වූහ.
මීට ඉහතදීද වාළුකාරාමය ඉදිරිපිට ගවමස් හල ස්ථාපිත කිරීමට එරෙහිව ගම්වාසීන් හා භික්ෂූන් වහන්සේලා විසින් මොරටුව පොලීසියට කළ බලපෑම මත පොලීසියේ මැදිහත්වීමෙන් වෙළෙඳ සැල විවෘත කිරීම අත්හිටුවනු ලැබීය. එසේ වුවත් අද (05දා) නැවත වරක් ගවමස් හල විවෘත කිරීමට එම අයිතිකරු කටයුතු කිරීමත් සමග ප්රතික්රියා කළ ගම්වාසීහු එයට එරෙහිව විරෝධතාවයේ නිරතවූහ.