තමා වාහනයක් ඇනවුම් කළ බව ඔප්පු කළහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අමාත්‍යාංශ කිහිපයකට වාහන ගෙන්වීම සඳහා මුදල් වෙන්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව පැහැදිලි කරමින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
මෙය පරිපූරක ඇස්තමේන්තුවක් බවත්, එය තමා උපයෝජනය නොකළ බවත් සඳහන් කරන අමාත්‍යවරයා තමා එම වාහනය භාවිත කරන බවට හෝ වාහනය ඇනවුම් කළ බවට ඔප්පු කර පෙන්වුවහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත් වන බවද සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කරයි.