බදු ඉහළ දමා ඉහළ පැලැන්තියට පමණක් වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම නිසා සාමාන්‍ය ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා අද (01දා) සාමාන්‍ය ජනතාවටද වාහනයක් මිලදී ගත හැකි ආකාරයට බදු මුදල් පහත දමන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
ලෝකයේ සෑම රටක්ම වාහනයක් මිලදී ගැනීමේදී සුදුසුකමක් ලෙස සලකා බලනවා නම් බලන්නේ රිය බලපත්‍රයක් තිබේද යන්න පමණක් බවත්, මේ නිසා ලංකාවේ බලධාරීන්ට අමුතු නීති සකස් කළ නොහැකි බවත් ඔහු පවසා සිටියේය.