නව බදු සංශෝධනය තුළින් වාහන මිල ස්ථාවර වන බවත් වසර 35ක් තිස්සේ නිශ්චිතව නොපැවැති බදු ක්‍රමයක් මෑතකදි සිදුකළ බදු සංශෝධනය නිසා ස්ථාවර වූ බව බැවින් එය වසර දෙකක් වත් පවත්වාගෙන යායුතු යැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පැවසීය.
වාහන මිල වැඩි කිරීමට තම සංගමය ඉල්ලීමක් නොකළ බවත්, එම ඉල්ලීම කළේ ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය විසින් බවත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා ප්‍රකාශකළේය.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹදී අද(11දා) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව එම සංගම් දෙක විසින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුයේය. එහිදී මෙම අදහස් ප්‍රකාශවිය.
කෙසේවෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත පැවසුවේ වාහන මිල සංශෝධනය වූයේ මෙම සංගම් කළ ඉල්ලීම් නිසා බවත් අවශ්‍ය නම් එසේ ලිඛිතව කළ ඉල්ලීම් තමන්ට ඉදිරිපත් කළ හැකි බවත්ය. පසුගිය රජය සමයේ භාවිත කළ වාහන 1500ක් තවමත් අතුරුදන්ව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම සියලුදෙනාටම වාහනයක් මිලදී ගත හැකි ආර්ථිකයක් ගොඩනඟන බවත් පැවසූ අමාතවරයා මෙසේද කීය.
"ගිනි ගොඩවල් තමයි තියෙන්නේ ඒ ගිනි ගොඩවල් ටික නිවුණාම ඉක්මනට ගන්න පුළුවන් වෙයි" අමාත්‍යවරයා කීය.