පුවත්පත්වල වාහන කුලී පදනම මත ලබා දෙන බවට හා ගන්නා බවට පළකර ඇති දැන්වීම් වලට අනුව එම වාහන මසක කුලී පදනම මත මීලදී ගෙන ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් පාර්ශ්වයන් වෙත උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
කොළඹ අපරාධ කොටිඨාසයේ කණ්ඩායමක් විසින් කරනු ලැබූ විමර්ශනයක් අනුව ඒ සඳහා සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවන් අද (18දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් අධිකරණයේ අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව 24 දා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.