(UPDATE) රුපියල් කෝටි ගණන් වියදම් කර අමාත්‍යවරුන්ට වාහන ලබාගන්නේ කඩිනමින් ජනතාවට සේවය සැලසීමට බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
බොහෝ අමාත්‍යාංශවලට වසර 20කින් නිසි ලෙස වාහන ලබාගෙන නොමැති බවත්, මීට අමතරව අමාත්‍යවරුන් සතුව තිබෙන බොහෝ වාහන පැරණි ඒවා බවද පවසා සිටියේය. ඊයේ (08දා) දින පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ලංකාවේ පවතින භූවිෂමතා ලක්ෂණවලට අනුව දුෂ්කර මාර්ගවල සහ කඳු සහිත මාර්ගවල යාමට ඉතා හොඳ තත්ත්වයේ වාහන තිබිය යුතු බවයි.රට සංවර්ධනය කිරීමට ඇමැතිවරුන්ට විශාල වැඩ කොටසක් තිබෙන බවත්, ඒ සඳහා බස් එකෙන් හෝ ත්‍රීවීලරයෙන් ගොස් කටයුතු කළ නොහැකි බවද පවසා සිටියේය.
ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තුවට බස් එකේ පැමිණෙන බව සඳහන් කළ ජනතා විමුක්ති පෙරමුණ මුලින් බස් එකේ පැමිණ පසුව ත්‍රිරෝද රථයෙන් පැමිණි බවත්, අනතුරුව ජනතාවට වැඩ කිරීමට නව මරුටියක් අවශ්‍ය බවට පැවසූ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.එහෙත් අද වන විට ඔවුන් කැබ්රථයෙන් පැමිණෙන බවද පැවසීය.
ගමන් කිරීමට තිබෙනා මාර්ගවල පවතින දුෂ්කරතාවය නිසා ෆෝ වීල් වාහනයක් අවශ්‍ය බවත්, එවැනි වාහනයක් යම් මිලකින් යුක්ත නමුත් එතරම් මුදලක් වියදම් කර ලබාගන්නා වාහනයෙන් සිදුකරන්නේ ජනතා සේවය බවද පවසා ඒ මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පැවැති යුදමය තත්ත්වය නිසා වසර 20 කින් වාහන අරගෙන නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට ආවම කිව්වා අපි බස් එකේ එනවා කියලා. මුලින්ම ගලප්පත්ති සහෝදරයා බස් එකේ ආවා. ටික දවසක් යනකොට ත්රීවිලරයෙන් ආවා. ඊට පස්සේ මරුටි ඕන කියලා කිව්වා. අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මරුටි දෙන්න හැදුවා.
එතකොට මම ඇහැව්වා මරුටි අරන් මම කොහොමද කිඹිස්ස ගමට යන්නේ කියලා. සමහරු ප්‍ර‘දේශ තියෙනවා ෆොවිල් ධරිතාවෙන් යුත් වාහනයකින්වත් යන්න බැරි වතු තියෙන ප්‍ර‘දේශ ගත්තම ෆෝවිල් තියෙන වාහනයක් නැතිව යන්න බැහැ.අන්තිමට ජේවීපීය ඩබල් කැබ් එකට ගියා. එතකොට එය අය බස් එකේ යන කොට ඒ ප්‍රතිපත්ති අපි පිළිගන්න ඕන. බස් එක මදිය කියා ත්රීවිලර් එකේ යන කොට, අපි ඒ ප්‍රතිපත්තිය පිළිගන්න ඕන. ත්රීවිලර් මදියි කියලා මරුටියේ යන කොට අපි මරුටි එකට යන්න ඕන. මරුටි මදි ඩබල් කැබ් කියන කොට අපි ඩබල් කැබ් ගන්න ඕන. එක නෙවෙයි කාරණය අපි ගමන් කරන පැය ගාණ බැලුවොත් බලාගන්න පුළුවන් අපිට තියෙන වැඩ.
ගොඩක් අය හිතන් ඉන්නේ වාහන අරං මඟුල් ගෙවල්වල යනවා කියලා. එක නොවෙයි ඇත්ත. කරන සියලු සංවර්ධන කටයුතු කරන්නේ කවුද? දිස්ත්‍රික් සම්බන්ධීකරණය කරන්නේ ඇමතිවරු. ලෝකේ අනිත් රටවල ඇමතිවරුන්ට එහෙම ප්‍රශ්න නැහැ.
මොකද ලෝකෙ රටවල්වල ජාතික ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ඇමතිවරුන්ට තියෙන්නේ කැබිනට් පත්‍රිකාවක් හදන එක. සේරම කරන්නෙ නිලධාරීන්. වසර විස්සකින් විතර අපේ රටේ අමාත්‍යාංශවලට වාහන අරගෙන නැති නිසා අමාත්‍යාංශවල වැඩ කරන්න වාහන නැහැ. විෂයයන් බෙදීයාමේදී සමහර ඇමතිවරුන්ට වාහන ලැබුණේ නැහැ.
56 ඉඳලා නයි-මුගටි වගේ හිටිය පක්ෂ එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. දැන් ජනතාව සතුටින් ඉන්නවා. සමහරු කියනවා සිංගප්පූරු වගෙ වාහන ධාරිතාව සීමා කරන්න ඕන කියලා. සිංගප්පූරුව කියන්නෙ තනි ලේවල් රටක් . සිංගප්පූරුවෙ ඇමතිකෙනෙකුගේ මාසික පඩිය ඩොලර් 285,000 ක්. ඉන්දියාවේ ගත්තම ඇමතිවරුන්ට ගුවන් බලපත්‍ර තියෙනවා. නිවාස දීලා තියෙනවා. මේ ඔක්කොම දීලා තියෙන්නෙ නිකං. මාලදිවයින ගත්තත් එහෙමයි. අපේ රටේ එහෙම නෑ. මගේ අමාත්‍යාංශයටත් වාහන නෑ. මම ඇම්බියුලන්ස් 250 ක් ඉල්ලා තියෙනවා. නිලධාරීන්ට වාහන 150ක් ඉල්ලා තියෙනවා.*"යැයි පැවසීය.
රුපියල් කෝටි ගණන් වැය කර ඇමතිවරුන් වාහන ලබාගන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලට අනුව කඩිනමින් ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිවරුන්ට යම් හොඳ තත්ත්වයක වාහනයක් තිබිය යුතු බවද පවසා සිටියේය.
රට දියුණු කිරීමට නම් ජනතාව සේම මහජන නියෝජිතයන්ද කැපකිරීම් සිදු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.