අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කිරීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණත් නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු එම මුදල් ප්‍රතික්ෂේප කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රංජන් රාමනායක, පාලිත තේවරප්පෙරුම හා හර්ෂද සිල්වා යන මහත්වරු ඒ අතර වෙති. ඒ අනුව පරිපූරක ඇස්තමෙන්තුවේ වාහන ඇතුළත් අමාත්‍යාංශයන්හි මෙම ඇමතිවරුන් ඇතුළත් නොවේ.
එසේම අමාත්‍යවරයෙකු වශයෙන් තමන්ට හිමි නිල නිවසද රන්ජන් රාමනායක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර පාලිත තේවරප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කරන මුදල කලාකරුවන්ගේ අභිවෘචද්ධිය සඳහා වන අරමුදලට බැර කරන ලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ෆේස්බුක් සටහන
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ට්විටර් සටහන හා ඔහු වාහන ප්‍රතික්ෂේප කළ ලිපිය
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් සටහන