ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව සිටින සන්ධාන මන්ත්රි සජින් වාස් ගුණවර්ධන මහතා නැවතත් ජුනි මස 03දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (20දා) නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද වන වාස් ගුණවර්ධන මහතා ජනපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අයථා ලෙස පරිහරනය කර තිබෙන බව රහස් පොලිසි අධිකරණයට දැන්වීය.
එයින් වාහන දෙකක් පෞද්ගලික අාරක්ෂක සමාගමකට කුලියට ලබා දී ඇති බවත්, තවත් වාහන දෙකක වර්ණ වෙනස් කර ඇති බවත්, එක් වාහනයක් පිළිබඳව තොරතුරුද නැති බවත් රහස් පොලීසිය කීවේය.
ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හිමිවන්නේ වාහන දෙකක් පමණි.