මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේය.
ගැලරියේ පාසල් සිසුන් සිටිනා බව කතානායකවරයා කීවත්, වාසුදේව මන්ත්‍රීවරයා සිය වාග් ප්‍රහාරය දිගින් දිගටම එල්ල කළේය.
රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු වශයෙන් එහිදී මීට වඩා සංවරශීලීව හැසිරියුතු බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.මෙය අඛණ්ඩව සිදුවුවහොත් පාර්ලිමේන්තුවේ ඉදිරි ගමන් මග පිළිබඳව ඇත්තේද අවිනිශ්චිත තත්ත්වයකි.
අගමැති - ටිකක් වාඩි වෙන්න. මම කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. තුන්වැනි පිටුව කියවන්නේ.
වාසුදේව - පොඩ්ඩක් ඉන්නවකෝ. පොයින්ට් ඔෆ් ඕඩර් කිවුවා. අනේ බම්බු ගහන්නේ නැතිව ඉන්නවා ඕයි. මේ මිනිහා ස්ටෑන්ඩින් ඕඩර්සුත් දන්නේ නෑ. පොයින්ට් ඔෆ් ඕඩර් දන්නෙත් නෑ. අහන්න ලෑස්තිත් නෑ. පිස්සු කෙලින්නේ, ඔල්මාද, ඔල්මාද. තමුසේ කවුද මාව වාඩි කරන්න. තමුසෙට පුළුවන්ද මාව වාඩි කරන්න. තමුසේ වාඩි වෙනවා. පිස්සු කෙලින්නේ නැතිව වාඩි වෙනවා.
කතානායක- වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා රීති ප්රශ්නය.
වාසුදේව- ගරු කතානායකතුමනි මම අගමැතිට මම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ගන්නේ, මේ මිනිහට වෙලා තියෙන එක බලමු. මේ මිනිහා ඔල්මාද බඩුවක් වෙලා. බලන්නකෝ. පොයින්ට් ඔෆ් ඕඩර් එකට කතාකරන්න මට අවසර දුන්නාම, මේ මිනිහා කෙළගෙන කෙළගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මම වාඩිකරන්න, උඹට පුළුවන්ද මාව වාඩිකරන්න. (----). මාව වාඩිකරන්න බෑ. (----), පිස්සු කෙලින්න එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන් කතා කරන්නේ. මම අහනවා ඔබතුමාගෙන් මේ වගේ පිස්සු කෙලින්න පුළුවන්ද කියලා.අගමැති වුණා. අනේ හිනාවෙයි. මම වාඩිකරන්න තමුන්නාන්සේ හිතන්න එපා.
කතානායක- ගැලරියේ පාසල් ළමුන් ඉන්නවා මේක පුරුද්දකට ගනියි.
වාසුදේව - මාව වාඩිකරන්න හිතන්න එපා. මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකටයි මම නැගිට්ටේ. මට පොයින්ට් ඔෆ් ඔඩර් එකකට නැගිටින්න බැරිනම් මොකක්ද පාර්ලිමේන්තුව. කතානායකතුමා කියන දේවත් අහන්නේ නෑ. ඔබතුමාද කතානායක. ඔබතුමා අගමැති විතරයි.
කතානායක- ඔබතුමාගේ රීති ප්රශ්නය තාම මට ඇහුණේ නෑ.
වාසුදේව - කෝ අහන්න දෙන්නේ නෑ නේ.
කතානායක- මේ රීති ප්‍රශ්නයට කන් දෙමු.
අගමැති - මෙතුමා මොනවද දන්නේ අපේ වාසුදේව නානායක්කාර මහතා. දන්න දෙයක් නෑ. කෑගහනවා. කෑගහනවා. අඩුගානේ රැවුල කපලා එන්නකෝ ඊළග සැරේ. එතනින්වත් මොලේ ඇතිවෙන්න.
(කෙසේ වෙතත් එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කතානායකවරයා පියවර ගෙන තිබේ.)