නවසීලන්ත තරගාවලියේදී ඇතිවායැයි කියන ගැටලු පිළිබඳව මාධ්‍ය වාර්තා කළ කරුණු ප්‍රතික්ෂේප නොකරන නමුත් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙෆ්රි වව්ටර්ස් මහතා පැවැසීය.
ඒ පිළිබඳව ඉතාමත් ඉක්නමනින් වාර්තාවක් සකස්කර ක්‍රීඩා ඇමතිවරයාට හා ක්‍රිකට් ආයතනයට ලබාදෙන බවත් ඔහු පැවැසීය. තරග දිනාගැනීමේ හැකියාවක් කණ්ඩායමට තිබුණ බවත් කණ්ඩායමේ මැදපෙළ ප්‍රශ්නයක් තිබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.