වායු විමෝචන වාර්තාව ළඟ නැත්නම් රු 25000ක් දක්වා දඩයක්
මෝටර් වාහනයකට ලබාගන්නා වායු විමෝචන වාර්තාව වාහනය ධාවනය කරන අවස්ථාවේ සන්තකයේ නොතිබේ නම් රුපියල් 20000 සිට 25000ක් දක්වා දඩයකට යටත් විය හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන් ව්‍යාපෘති අධ්යක්ෂ ඒ.ඩබ්.දිසානායක මහතා පවසන්නේ විදුලි බලයෙන් සහ ගෑස් මගින් ක්‍රියාකරන මෝටර් රථ, කෘෂිකර්මාන්තයේ දී යොදාගන්නා ඉඩම් වාහන, හයිබි්රඩ් (දෙමුහුන්) වාහන හා 1975 වර්ෂයට පෙර නිෂ්පාදිත වාහනවලට වායු විමෝචන වාර්තා අවශ්‍ය නැති බවයි.
වාහන වායු විමෝචන ක්‍රියාදාමය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්යක්ෂවරයා,ʻʻවාහනයක් මාර්ගයේ ධාවනය කිරීමේදී ලියාපදිංචි සහතිකය සමග වායු විමෝචන සහතිකය ද ළඟ තිබිය යුතුයි. වායු විමෝචන පරීක්ෂණයේ දී නියමිත තත්ත්වයෙන් පවා දුම් පිටවන වාහන අසමත් වෙන්න පුළුවන්. ඩීසල් වාහනයකින් පිටවන දුමට වඩා අඩු දුමක් පෙට්‍රල් වාහනයකින් පිටවෙන්නේ.
නමුත් වාහනයෙන් පිටවන හයිඩ්‍රොකාබන් ප්‍රමාණය වැඩි නම් ඒ වාහනය වායු විමෝචන පරීක්ෂණයෙන් අසමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දහනය නොවී වැඩිපුර පිටවන හයිඩ්‍රොකාබන් ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. විශේෂයෙන් පාවිච්චි කළ වාහනයක් මිල දී ගන්නේ නම් වායු විමෝචන වාර්තාව ගැන වඩාත් වැඩි සැලකිල්ලක් දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි ද පවසා සිටියේය.
අජිතලාල් ශාන්ත උදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


