ව්‍යාපාරිකයෙක් ස්නයිපර් ගිනි අවියක් ගෙන්වා ඇති බවට බොදුබලෙන් චෝදනා
ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරන වර්ගයේ අධිතාක්ෂණික ස්නයිපර් ගිනිඅවියක් මෙරට ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික ආරක්ෂාවට යැයි පවසමින් ගෙන්වා තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මිලිමීටර් නවයේ ගිනිඅවියක් වශයෙන් ලියාපදිංචි කර, හමුදා ප්‍රධානීන්ගේ විරෝධය මැද රුපියල් ලක්ෂ 20කට වැඩි මුදලක් වැයකර මෙම අවිය ගෙන්වා තිබෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
2016 වසරේ ජූලි 26 වැනිදා මෙරටට ගෙන්වා ඇති GB15/2213 අංකය යටතේ ලියාපදිංචි කර ඇති මෙම අවියට ශබ්දය නොඇසෙන සේ වෙඩි තැබිය හැකි අමතර උපකරණ ගෙනැවිත් ඇතැයි තමන් වහන්සේට තොරතුරු ලැබී තිබෙන බවද ඥානසාර හිමියෝ පැවසූහ.
ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා, ජාතික නායකයන්, ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ජීවිතවලට මෙමගින් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවද එහිමියෝ පෙන්වා දෙති.
රාජගිරිය, නාවල පාරේ පිහිටි බොදු බල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ විසින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


