වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය දින නියමයක් නොමැතිව කල්ගිය බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පෙබරවාරි 13 වැනි දින පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම විභාගය දින නියමයක් නොමැතිව කල් දමනු ලබන්නේ වන සංරක්ෂණ ජනරාල්ගේ ඉල්ලීම අනුව බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකතන අංකය තුළින් හෝ 0112785230, 0112177075 අංකවලින් විමසිය හැකිය.