තමන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් ලියවිලි ඉදිරිපත් නොකර, ඒ ව්‍යාජ ලියවිලිත් රැගෙන විවෘත විවාදයක් වෙනුවෙන් පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ව්‍යාපාරික ප්‍රජාව වෙත විපක්ෂයේ පොදු අපේක්ෂකවරයා අද (23දා) අදහස් දැක්වූ අවස්ථාවේදී, තිස්ස අත්තනායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද රහස් ගිවිසුම සම්බන්ධයෙන් අසනලද පැනයකට පිළිතුරු ලෙස හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,
"අපි කිසි කෙනෙක් නොදන්න සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලේඛන සකස් කර, මගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා කූඨ, අසත්‍යය, රටේ ජනතාව නොමග යවන ලියවිල්ලක් හදල ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අපි මේ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගන්නවා. අපි දෙදෙනාගේම අත්සන් යොදා මෙවැනි ප්‍රකාශයක් නිකුත් කර ඇති නිසා ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අනෙක් පැත්තෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කරනවා. ඒ සමගම මා මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනා කර සිටින්නේ, ඉතාම අසත්‍ය, ව්‍යාජ ලියවිලි අරගෙන, මා සමග විවෘත විවාදයකට එන්න කියායි.
මෙවැනි කූඨ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ජනතාව නොමග යැවීමට කටයුතු කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය මොනතරම් බංකොලොත්ද කියා පෙනී යනවා. අනෙක මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කිසිම අවස්ථාවක මේ තරම් නීති විරෝධී දේවල්, තම රාජ්‍ය බලය යොදමින් කරන ආකාරය දුටුවේ නැහැ." යනුවෙන් වැඩිදුරටත් පවසා සිටියේය.