ව්‍යාජ ඩොලර් නෝට්ටු ශ්‍රී ලංකාවට ගෙන ඒ මෙන් අනතුරුව ඒවා සත්‍ය ඩොලර් වලට මාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය සමත්ව තිබේ.
ඊයේ රාත්‍රියේ පාකිස්තානයේ සිට පැමිණ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු සන්තකයේ තිබී ව්‍යාජ ඩොලර් 10,000 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වෙයි. මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන පරීක්ෂණ පවත්වන අතර වැඩිදුර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අණාවරණය වී ඇත්තේ ව්‍යාජ නෝට්ටු ශ්‍රී ලංකාවට ගෙන ඒවා සත්‍ය නෝට්ටුවලට මාරු කර නැවතත් පාකිස්තානයට රැගෙන යන බවයි.