මාරවිල පොලිස් වසමට අයත් නාත්තන්ඩිය ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු ඊයේ (02දා) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පැවසීය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කරන ලද වැටලීමකදී එවැනි රුපියල් 5000 මුදල් නෝට්ටු 16ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කර සිටියේය.
මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් 21 සහ 37වන වියේ පසුවන නාත්තන්ඩිය සහ තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අද (03දා) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.