නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන අදහස් විමසීම සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව නිලවශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමහෙට (31දා) සිදු කිරන බව එම කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතා අදට පැවසීය.
මෙම වාර්තාව සඳහා අදහස් හා යෝජනා 5000 වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත බවත් නිර්ණායක 20 ඔස්සේ විමසන ලද කරුණු සහ මහජන අදහස් විමසීමේ කමිටුවේ නිර්දේශ 20 ද මෙයට ඇතුළත් කර ඇතිබවත් හෙතෙම සදහන් කළේය.
මෙම වාර්තාව සඳහා වාචිකව යෝජනා 2200 ඇතුළත් කර ඇති බවත් එය පුද්ගලයන් , සංවිධාන, සහ ආයතන මට්මමින් ලබාදුන් යෝජනා බවත් ලිඛිතව ලැබුණු පැමිණිලි 2300 පමණත් වාර්තාවට ඇතුලත් කර ඇති බවත් විජේනායක මහතා ප්‍රකාශ කළේය.
වාර්ථාව අගමැතිවරයාට භාරදීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතාට නිල වශයෙන් භාරදීම සිදුකරන බවත් පසුව www.Yourconstution.lk වෙඩ් අඩවිය හරහා එම වාර්ථාව ජනතාවට එළි දක්වනවා බවත් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන්කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන අදහස් විමසීම සඳහා පත්කරන ලද විද්වත් කමිටුවේ සභාපති ලෙස නීතිඥ ලාල් විජේනායක මහතා කටයුතු කළ අතර සාමාජිකයින් 20 කු ඊට ඇතුළත් විය.