රජය විසින් හඳුන්වාදීමට යෝජිත නව ව්‍යවස්ථාව සඳහා දෙමළ ජනතා අභිලාෂයන් අඩංගු යෝජනා ඉදිරිපත් කිරීමට දෙමළ ජනතා සභාව බලාපොරොත්තු වන බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී පැවසීය.
මහඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලැබූ නව දෙමළ ජනතා සභාව දෙවැනි වරට ඊයේ (27දා) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී හමු වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය .
''තනි පුද්ගලයකු නායකත්වය දැරීම පිළිබඳ අපි කිසිදාක දොස් නගන්නේ නැහැ. නමුත් අනාගතයේදී දෙමළ ජනතාවගේ ජීවන ක්‍රමය, අභිලාෂයන්, දැනුම, දක්ෂතා කියන කාරණා නායකත්වයෙන් යටපත් විය යුතුද කියන ප්රශ්නය අද අප හමුවේ තිබෙනවා. පක්ෂ වශයෙන් තම අරමුණුවලට ළඟාවීමට නොහැකි අවස්ථාවලදී දෙමළ ජනතා සභාව එම කණ්ඩායම්වලට හඬක් වනු ඇති”