ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදුන් පමණින් රටේ සියලුප්රශ්නවලට විසඳුම් නොලැබෙන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“අලූත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව ඇත්ත. හැබැයි ඒ අලුත් ව්‍යවස්ථාව හැදූ පමණින් අද රටේ තිබෙන සෑම ප්‍රශ්නයකටම විජ්ජාබලයකින් වගේ විසඳුම් ලැබෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් ව්‍යවස්ථාවකින් විසඳාගත හැකි ප්‍රශ්න ප්‍රමාණයකුත් තිබෙන බව ඇත්ත” යැයි ඔහු සඳහන් කරයි.