නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමසම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත්කළ යෝජනාව එළඹෙන 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතය.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය වෙනස්වී නොමැති අතර, ඒ වෙනුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සංශෝධන 09 ක් ලබාදී තිබේ.
මේඅතර පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරනජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂයද අදාළ යෝජනාවට සංශෝධන ඉදිරිපත්කර තිබේ. ව්‍යවස්ථාවක් ගෙනඒමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාකිරීම පමණක් අදාළ යෝජනාව මගින් සිදුකරන අතර, යෝජනා සම්මත වීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා ආරම්භකිරීමට පාර්ලිමේන්තුව සූදානම් වේ. වාර්තාවන අන්දමට යෝජනාකර ඇති ව්‍යවස්ථා සම්පාදක සභාව එළඹෙන 26 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත වීමෙන් පසු රැස්වීමට නියමිතය.