මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුව කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම සඳහා හා ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සඳහා ශක්තිමත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත යුතු බවත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබී තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසුම් කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයේදී පිළිගැන්වූ අවස්ථාවේදී ඔහු මෙම අවස්ථා දැක්වීය.
නව ව්‍යවස්ථාව පිළිබඳව සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර වාර්තාවට අදහස් ඇතුළත් නොවු අයගෙන්ද ලිඛිතව අදහස් විමසන බවත් අගමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.