නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනතාවගෙන් ලබාගත් අදහස් හා යෝජනා ඇතුළත් කමිටු වාර්තාවක් හෙට (31දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදීමට සැලසුම් කර තිබේ.
ජනතා අදහස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුව විසින් ජනවාරි 04 වැනි දින සිට ජනතාවගෙන් ඇතුළු සිවිල් සංවිධානවලින් ලබාගත් අදහස් හා යෝජනා එක්කර සකස් කළ වාර්තාවක් හෙට දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බවද එම කමිටුව සඳහන් කරයි.