නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා උතුරු නැගෙනහිර හැර සෙසු පළාත්වල ජීවත්වන දමිළ ජනතාවගේ අදහස් විමසීම වෙනුවෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය විශේෂ කමිටුවක් පත්කළ බව එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝගනේෂන් මහතා පැවසීය.
15 දෙනෙකුගෙන් සමන්විත අදාළ කමිටුව ඊයේ පත්කළ බවත්, උතුරු නැගෙනහිර හැර වතුකරයේ දමිළ ජනතාව ඇතුළු සෙසු පළාත්වල ජීවත්වන දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට යෝජනාඉදිරිපත් කිරීමට මෙම කමිටුව මගින් අපේක්ෂා කරන බවත් මනෝගනේෂන් මහතා සඳහන් කළේය.