ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (09දා) නැවතත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේවනවිට රැස්වී තිබේ. සාමාජිකයන් දසදෙනෙකුගෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම පිළිබඳව අද සාකච්ඡාවට ගැනීමට නියමිතය.
ස්වාධීන කොමිෂන් සභා නවයක් සඳහා අයදුම්පත් 441 ක් මේ වනවිට ලැබී ඇති අතර, ඉන් 42 දෙනෙකු තෝරාගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.