ගලේවෙල, බෙලියකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගලක් කඩා වළගම්බා රජුගේ ඔටුන්න ලබාගැනීමට යැයි සිතා නිදානයක් ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් නවදෙනකුට එක් අයෙකු රුපියල් 50,000 බැගින් දඩ මුදල් ගෙවන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා අද (07දා) නියෝග කළේය.
ගලේවෙල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුහු වරද පිළිගත්හ.
මෙම කණ්ඩායම මේ ස්ථානයේම මීට පෙර අවස්ථා දෙකකදී නිදානය ලබාගන්නට උත්සාහ කර අත්අඩංගුවට පත්වූවන් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
ජේ.එම්. සුගත්, ගයාන් ප්‍රසන්න, ඊ.ජී. ප්‍රියදර්ශන කුමාර, ආනන්ද ප්‍රේමලාල් ද සිල්වා, ජීවන් නිශාන්ත වීරසිංහ, එස්.එම්. රන්ජිත් පෙරේරා, එම්.ජී. දයාවංශ, ජීවන් කුමාර රත්න, පී.එල්.ඩී. පියසිරි යන පිරිසට මෙසේ දඩ මුදල් ගෙවීමට නියම විය.