දිවයිනට බලපා ඇති වැසි නොමැති කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා. අද (27දා) මධ්‍යාහ්න 12ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවයි.හෙට දිනයේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
කාලගුණ විද්‍යා නිවේදනය
ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී.50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.