වත්මන් පාර්ලිමේන්තුව ජනවාරී 08 වැනිදා ලබාදුන් බලය නැති පාර්ලිමේන්තුවක් බැවින් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර මහමැතිවරණය පැවැත්විය යුතු බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා පැවසීය.
එම නිසා වහාම මැතිවරණයකට යා යුතුම බව හෙතෙම පෙන්වාදුන්නේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය. ඇතැමුන් මැතිවරණය ප්‍රමාද කරන්න හදන්නේ 20 වැනි සංශෝධනය පෙන්නමින් බවත් 20 වැනි සංශෝධනය ගැන දේශපාලන පක්ෂ අතර තවමත් එකඟතාවයක් ඇති ආකාරයක් දක්නට නැති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.