වවුනියාව දිස්ත්රික්කයේ මරකරන්පලායි පිහිටි කොවින් කිරි නිෂ්පාදනහල නැවත විවෘතකිරීමට හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බව උතුරු පළාත් ආණඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
කම්හල පිහිටි ස්ථානයේ නිරීක්ෂණය චාරිකාවකට එක්වෙමින් ආණඩුකාරවරයා මේබව කීය.
ප්රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ආදායම් උපයන මාර්ග වැඩිකිරීමටත් තමන් ඕනෑම මොහොතක පසුබට නොවන බවත් මෙම කිරි නිෂ්පාදන කම්හල සම්බන්ධ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුවත් කර ප්රදේශයේ ජනතාවට සහ මෙම කිරි නිෂ්පාදන කම්හලට පූර්ණ සාධාරණත්වය හැකි ඉක්මනින් ලබාදී මෙය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.