මේ වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් පසුගිය මාසයේදි වාර්තා වි තිබේ. ඒ අනුව ජුනි මාසය තුළදී වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 15224කි. ජනවාරි මාසයේදි රෝගීන් 10927, පෙබරවාරි මසයේදී රෝගීන් 8722ක්,මාර්තු මාසයේදී රෝගින් 13539ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 12498ක්, මැයි මාසයේදි රෝගින් 15167ක් ලෙස රෝගි වාර්තා වී තිබේ. මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 76077ක් දක්වා වර්ධනය වී තිබේ.