වසරේ අවසන් දින දෙකේ අනතුරු වල වැඩිවීමක්
විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 512 දෙනෙකු අද (01දා) සවස 04න් අවසන් වූ පැය 48ක කාලය තුළදී ප්‍රතිකාර ලබා ගැනීමට ජාතික රෝහලට පැමිණ තිබේ.
මෙම පිරිසෙන් 194 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය සඳහන් කළාය.
2016 වසරේ අවසන් දින දෙකට සාපේක්ෂව මෙවර 06%කින් අනතුරුවල වැඩි වීමක් පෙන්නුම් කරන බවද ඇය පවසා සිටියාය.
මහාමාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 117 දෙනෙකු තුවාල ලබා තිබෙන බවත්, 2015 වසරේ අවසානයේදී එම ප්‍රමාණාය 113ක් බවත් පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය පවසා සිටියාය.
නිවසේ සිදු වූ අනතුරු නිසා 68 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අතර, එය 2016 වසරේදී 45ක් වූ බවත්, ඇදවැටීම නිසා තුවාල ලැබූවන් 168 දෙනෙකු පැමිණි බවත්, එය 2016 වසරේදී 109ක් වූ බවත් ඇය පැවසුවාය.
ගිනිකෙළි අනතුරු නිසා තුවාල ලැබූ 12 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවත්, 2016 වසරේ අවසන් දිනවල 17 දෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණි බවද රම්‍යාණි සොයිසා මෙනවිය පවසා සිටියාය.
මීට අමතරව හිංසන ක්‍රියා නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුද්ගලයන් 48 දෙනෙකු පැමිණි බවත්, 2016 වසරේ අවසන් දින දෙකේදී එම ප්‍රමාණය 42ක් වූ බවද ඇය සඳහන් කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


