වසරකට සර්ප දෂ්ටන 80,000ක් ඉක්මවයි
ලංකාවේ සර්ප දෂ්ටනය වසරකට අසූදහස ඉක්මවන අතර, මියයන සංඛ්‍යාව හාරසියයක් ඉක්මවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අචාර්ය කළණ මාදුවගේ මහතා අනාවරණය කරයි.
සර්ප දෂ්ටනයට ප්‍රතිවිෂ ලබාදීම පිණිස සර්ප විෂ ශරීරගතව ඇත්දැයි සෙවීමට මෙතෙක් විධිමත් පරීක්ෂණයක් නොමැතිවීම නිසා රෝග ලක්ෂණයන් පහළවන තෙක් සිටීමට සිදුවීම හේතුවෙන් රෝගියා බේරාගැනීම බොහෝ අවස්ථාවලදී දුෂ්කර කටයුත්තක් වන බව ආචාර්ය කළණ මාදුවගේ අනාවරණය කළේ මහනුවර ග්රෑන්කැන්ඩියන්හි පසුගියදා පැවැති අන්තර්ජාතික විද්වත් සමුළුවක් අමතමිනි.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ සංගමයෙන් පිරිනමන ලබන ඉහළම සම්මාන වන 'The most outstanding researcher in medicine dental & Veterinary science' සම්මානයට අඩුම වයසින් හිමිකම් කී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීව රසායන දෙපාර්තමේන්තුවේ ආචාර්ය ( සර්පයන් පිළිබඳව හා එම ක්ෂේත්රය විශේෂඥයෙන් වන) කළණ මාදුවගේ මහතා මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකා 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ.
ආචාර්ය කළණ මාදුවගේ මහතා පවසන්නේ ප්‍රතිකාර කිරීමට වඩා සර්ප දෂ්ටනටය ගොදුරුවීමේ අවස්ථා අවම කරගැනීම වඩාත්ම යෝග්‍ය ආරක්ෂිත පියවර වන බවයි.
බෙලිහුල්ඔය - එස්. රත්නායක
බෙලිහුල්ඔය - එස්. රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

