ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගන්නා රුධිරයේ අඩංගු රධිර ප්ලාස්මාවෙන් ලීටර් 10,000 පමණ වාර්ශිකව විනාශ කිරීමට ඉවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. පසුගියදා කලුතරදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
ඉවත් කිරීමට සිදුවන රුධිර ප්ලාස්මාවෙන් ඉදිරියට ඖෂධ නිපදවීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය. ඒ අනුව එහි පළමු අදියර යටතේ ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කර රුධිර ප්ලාස්මාවෙන් ඖෂධ නිපද වූ බවත් ඉදිරියේදී ඇමෙරිකානු සමාගමක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර රුධිර ප්ලාස්මාවෙන් ඖෂධ නිපදවීමේ කටයුතු ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.
ඇමෙරිකානු සමාගම ශ්‍රී ලංකාවේ කාර්යය ආරම්භ කළ පසු ඉන්දියාවට රුධිර ප්ලාස්මා අපනයන කිරීම නවත්න බවත් ඔහු පැවැසීය.
( රුධිර ප්ලාස්මා - යනු කහ පැහැති (පිදුරු-පැහැති) ද්‍රව කොටසක් වන අතර සාමාන්‍යෙයන් රුධිර සෛල අවලම්බිතව තබා ගන්නේ එය මගිනි. සම්පූර්ණ රුධිර පරිමාවෙන් 55% ක් පමණ වන්නේ එයයි. )