ඔටිසම් යනු දරුවකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයක් බවත් ජාන හා පාරිසරික තත්වයන්ගේ අන්තර් ක්‍රියා මෙම රෝගය ඇති වීමට බලපාන බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා මෙහිදී පැවසීය.
මෙම තත්ත්වය අවම කිරීම සදහා මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් හා දැනට මානසික රෝග අංශයෙහි වෛද්‍යවරුන් එක් කර ගනිමින් වැඩ සටහන් රැසක් දියත් කර ඇති බවද මහීපාල මහතා අද පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.
ශික්ෂණ රෝහල් හා පළාත් රෝහල් වල සායන ඇති කිරීමටත් මුල්ලේරියාව රෝහලේ පළමු ඒකකය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ප්‍රජා ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් සෑම දිස්ත්‍රික්කයකටම එක් අයෙක් බැගින් පත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය මහීපාල මහතා තවදුරටත් පැවසීය.
වසරකට බිහිවන දරුවන්ගෙන් 1% ක් මෙම ඔටිසම් රෝගයට ගොදුරු වන බවත් එනම් වසරකට උපදින දරුවන් 375,000 ගෙන් 3,750 කට මෙම තත්ත්වය ඇතිවන බවත් දරුවන් පරීක්ෂා කිරීම තුලින් මෙම රෝග තත්ත්වය හදුනා ගතහැකි බවත් මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.