සමස්ථ ධීවර ජනතාව සේම උතුරේ ජනතාවද ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නොර්වේ ධීවර අමාත්‍යාංශයේ ඉහල පෙලේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 07 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායම අද(30දා) දින පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය .
මේ සදහා යෝජිත බහු කාර්ය ධීවර වරායන් කඩිනමින් ඉදිකර අවසන් කර එහි නිසි ප්රතිලාභ ජනතාවට හැකි අවම කාලයක් තුල ලබා ගැනීමට අවස්ථාව උදාකර දිය යුතු බවද දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය .