රට දියුණුවීමට නම් යටිතල පහසුකම් දියුණු කළ යුතු බවත් ගෙවුණු වසර දෙකක කාලය තුළදී ආණ්ඩුව එම කටයුතු සිදුකරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රාජගිරිය ගුවන් පාලම විවෘත කිරිමේ අවස්ථාවට අද (08දා) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
ʻʻ යහපාලන රජය යටතේ කර්මාන්ත කරණය රට තුළ ඇති කර තිබෙනවා. මීට අමතරව ආර්ථික වශයෙන් රට දියුණු කරමින් සිටිනවා.
යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ නුවර සිට හම්බන්තොට දක්වා යටිතල පහසුකම් දියුණු කිරීමට සැලසුම් කර තිබෙන අතර මීට අමතරව කොළඹ මහ නගර සභාව දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.ʼʼ යැයි ද පවසා සිටියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු