වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තරය තරහා කරගෙන ගමනක් යන බවට විපක්ෂය චෝදනා කළත් මේ වසර අවසානයේදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය පවා ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.