පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 50-60 ත් අතර වන බැවින් එය අවම කර ගැනීම සඳහා සූර්ය පැනල ස්ථිර වශයෙන්ම මෙම වසර තුළදී සවි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ ගෘහ අලංකරණයට කිසිදු ආකාරයක හානියක් නොවන අයුරින් පාවෙන සූර්ය පැනල මේ සඳහා භාවිත කිරීමට තීරණය කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් රැස් වූ කමිටුවේදී ප්රකාශ වි තිබේ.
පාර්ලිමේන්තුව සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට දළ වශයෙන් රුපියල් මිලියන 300 ක් පමණ වැයවන නමුත් මෙය කිසිදු රටකින් ලබාගන්නා ණය ආධාරයක් මත සිදු නොකිරීමටද තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව ගොඩනැගීමටද කිසිදු රටකින් ණය ආධාර ලබාගෙන නොමැති බැවින් මෙම කර්තව්යයද දේශීය අරමුදල් යටතේ සිදුකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31දාට ප්රථම පාර්ලිමේන්තුවට සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට මෙහිදී තීරණය කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් රැස් වූ මෙම හමුවට විදුලි බල හා බලශක්ති අමාත්යාවරයා, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සූර්ය බලශක්ති අධිකාරියේ නිලධාරීහුද සහභාගී වූහ.