ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ, එනම් එළැඹෙන 14 වැනිදා පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දර්ශනයට අවස්ථාවක් උදාවන බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවන මෙහිදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බවද කියයි.
මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බවද ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.
චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර් ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වන බවද පවසයි. එමෙන්ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුනම එකම රේඛාවක පිහිටයි. මේ වසරේදී අපට මෙලෙස හඳ විශාලව දිස්වන අවස්ථාවන් තුනක් උදාවන බවත්, ඒ ඔක්තෝබර් 16, නොවැම්බර් 14 සහ දෙසැම්බර් 14 වැනිදා වන අතර නොවැම්බර් 14 වැනිදා හඳ වැඩිපුරම විශාලත්වයෙන් දැකිය හැකි දිනය බවද ග්‍රාහලෝකාගාරය පවසයි.
පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. නමුත් සුපිරි හඳක් දිස්වන 2016 නොවැම්බර් 14 දින චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ.
එක් එක් වර්ෂයේදී චන්ද්‍රයා පෘථිවියටආසන්නව ගමන් කල දිනයන් පහතින් දක්වා ඇති අතර ඒ ඒ අවස්ථා වල පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගත හැක.
වසර
|
|
|
|
දිනය
|
|
|
|
පෘථිවියේ සිට චන්ද්‍රයාට දුර
|
2011
|
|
|
|
මාර් තු 19
|
|
|
|
356,575 km
|
2012
|
|
|
|
මැයි 06
|
|
|
|
356,955 km
|
2013
|
|
|
|
ජූනි 23
|
|
|
|
356,991 km
|
2014
|
|
|
|
අගෝස්තු 10
|
|
|
|
356,896 km
|
2015
|
|
|
|
සැප්තැම්බර් 28
|
|
|
|
356,877 km
|
2016
|
|
|
|
නොවැම්බර් 14
|
|
|
|
356,509 km
|
2034
|
|
|
|
නොවැම්බර් 25
|
|
|
|
356,500km
|
2052
|
|
|
|
දෙසැම්බර් 06
|
|
|
|
356,425 km
|
උදම් රළ ඇතිවීමේදීද චන්ද්‍රයාගේ බලපෑමක් ඇති වන බවත්, ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළවල වැඩිවීමක්ද සිදුවිය හැකි බවත් පවසයි.
මෙම සංසිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවත් එදින රාත්‍රී 7.30 ට පමණ අහස බැලීමෙන් චන්ද්‍රයාගේ දීප්තිය සහ විශාලත්වය වැඩිවී ඇති අයුරු ඔබට දැකිය හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වැඩිදුරටත් පවසා සිටියි.