වසර 63ට පසුව රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක්
රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය වසර 63කට පමණ පසුව රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වූ බවත් 2016 වසරේ මුල් මාස දහය අවසානයේ එය රුපියල් බිලියන 37ක ඍණ අගයක් වූ බවත් එම අමත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 10 තුළ රාජ්‍ය ආදායම 10.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 1473 දක්වා ඉහළ ගොස් තිබේ.
2016 එම කාලවකාවනුව තුළ එම ආදායම රුපියල් බිලියන 1333ක් වූ අතර එසේම එම මාස දහයක කාලය තුළ රටේ බදු ආදායම ද රුපියල් බිලියන 1332 සිට1470 දක්වා 14.2%කින් වර්ධනය වී ඇත.
2017 වසරේ මුල් මාස 10තුළ රාජ්‍ය වියදම පසුගිය වසරට සාපේක්ෂව 9.5%කින් ඉහළ ගොස් තිබේ. 2016 වසරේ මුල් මාස දහය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 1881ක් වූ අතර 2017 වසරේ එම කාලය තුළ රාජ්‍ය වියදම රුපියල් බිලියන 2060කි. පොලී ගෙවීම රුපියල් බිලියන 510 සිට 608 දක්වා 19.3% ඉහළ ගොස් ඇත. මීට අමතරව රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වන වියදම් ද පිළිවෙළින් 3.1%කින් සහ 5.8%කින් ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


