බළන්ගොඩ පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාව තුළින් ප්රාග් ඓතිහාසික සිතිමයමක් හඳුනා ගැනීමට මේ දිනවල කැණීම් කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකි වී තිබේ.
ගල්ගුහාවේ පිහිටා තිබෙන මෙම සිතියම වසර 6000ක් පමණ පැරණි විය හැකි සිතියමක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා පැවසීය. මෙබඳු සිතියමක් මින් පෙර හමුවී නොමැති අතර මෙම ගල් ගුහාව තුළ මෙබඳු සිතියම් හැඩයේ රූප සටහන් කිපයක්ම තිබෙන බව සෝමදේව මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
බළන්ගොඩ අරුණ දිසානායක