ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි දඩයක්කරුවෙකු මීට වසර 5000කට ඉහතදී නිර්මාණය කළ බවට සැලකෙන රත් පැහැයෙන් යුතු කහඳගල් විශේෂයකින් නිර්මාණය කළ ගෙල පලඳනාවක් ඇතුළු පුරාවස්තු විශාල ප්‍රමාණයක් හමු වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.
බළන්ගොඩ උඩුපියන් ගල්ගුහාවේ පුරාවිද්‍යා කැණීම් අවසන් අදියරට එළඹ තිබෙන බවද ඔහු කීය.
"ආදි දඩයක්කරුවෙකු පාවිච්චි කරපු ගෙල පලඳනාවක්. මෙය ඉතා තද රතු පැහැයෙන් යුතු කහඳ ගලකින් හදවතක රූපය ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. අපි කවුරුත් හදවත දන්නවා. බෝ කොළයක් වගේ මෙය හදවතක රූපය අනුකරණය කරන්නට වෑයම් දරා තිබෙනවා. මේ කහඳගල කපන්න හදල තිබෙන විදිහෙන් ඉතාමත් පැහැදිලියි මේ වගේ තද පාෂාණයක් විදින්න සැලකිය යුතු තාක්ෂණයක් තිබිය යුතුයි. අපි කල්පනා කරනවා වීදුරු ගලක් උල් කරලා මේ සිදුර හදන්න ඇති කියලා. මේ සිදුර කැඩී ගොස් තිබෙනවා. ඒකයි මේක ඉවත දමා තිබෙන්නේ.
අඩුම තරමේ අවුරුදු 5000කට එපිට කාලයේ මේ ගුහාවේ ජීවත් වූ සංක්‍රාන්තික ප්‍රජාව උත්සාහ අරගෙන තිබෙන බව පැහැදිලියි. අපි මේ අවුරුදු 5000 ට එපිට කාලය යෝජනා කරන්නේ, මේ ලැබුණු පුරාවස්තුවලට සමාන පුරාවස්තු බලංගොඩ, ඉලුක්කුඹුර, ලුණුගල් ගේ ගුහාවෙන් ලැබුණු පුරාවස්තු ක්‍රි.පූ. 4350 ක් කාල නිර්ණය කළ කාබන් 14 ක්‍රමයෙන් දින දර්ශන කාලනිර්ණය අනුව ඉලුක්කුඹුර ලුණුගල් ගේ වසර 6350 ක් පැරණි පුරාවස්තු හමු වූ බව විද්‍යාත්මකව තහවුරු වූ නිසයි."
බලංගොඩ රෝහණ වසන්න