වසර 246 ඉතිහාසයක් තුළ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන දීප්තිමත් හරිත පැහැ වල්ගා තරුවක් ඉදිරි දිනවල දී දුර දර්ශකයන් ආධාරයෙන් දැකිය හැකි බව තාරකා ජිව විද්‍යා ගවේශක කිර්ති වික්‍රමරත්න මහතා කියයි .
අඩි 3000 ක විෂ්කම්භයකින් යුත් C2016BA14 ලෙසින් නම් කර ඇති මෙම වල්ගා තරුව පසුගිය 22 වෙනිදා පෘථිවියට සැතපුම් මිලියන 2.2 ක දුරකින් ගමන් කර ඇති බවට විද්‍යාඥයින් අනුමාන කරන බව වික්‍රමරත්න මහතා පැවැසීය.
වල්ගා තරුවේ කොළ පැහැයට හේතුව වන්නේ එහි ඇත් කාබන් අංශුවලට ඉර එළිය වැටිම බවද වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය. වල්ගා තරුව 29දා, 30දා, හා 31දා දැකිය හැකි බවත් ඔහු පැවැසීය.
නිමල් ජයරත්න