වසර 15කට පසු ඒක පුද්ගල ආදායම අඩුවෙලා
වසර 15කට පසුව ඒකපුද්ගල ආදායම අඩුවී තිබෙන බැවින් මුදල් අමාත්‍යාංශය මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03දා) පැවසීය.
මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආර්ථිකය ආපස්සට ගොස් ඇත්තේ කුමන කරුණක් නිසාදැයි සාකච්ඡා කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“බදු ෆයිල්වලින් ආර්ථිකය විග්රහ කරන්න බැහැ. රටක නිමවුම, ආර්ථික වර්ධන වේගය තිබෙනවා. වසර 15කට පසු ඒකපුද්ගල ආදායම අඩුවෙලා තිබෙනවා. බදු ලිපිගොනු ප්‍රමාණය අඩුවුණා කියාල ආර්ථිකය මනින්න බැහැ. රට කාලා, ඒකපුද්ගල ආදායම අඩුවුණාම මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුව පිළිගන්වලා නැහැ. මහබැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයාට දුන්නා නම් මුදල් නීති පනතේ තියෙනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න කියලා. දෙන්න ලැජ්ජයි. අවුරුදු 15කට පස්සෙ ඒකපුද්ගල ආදායම අඩුවෙලා.
ඒකපුද්ගල ආදායම අඩුවුණේ මොකද කියලා රටට කිව යුතුයි. ඇයි ආර්ථික වර්ධන වේගය 4.4ට ගියේ. ඇයි කෘෂිකර්ම අංශයේ වර්ධන ඍණ 4.2ක් බවට පත්වුණේ. ගෙවුම් ශේෂයේ සමස්ත ශේෂය දෙවරක් ඍණ වුණේ ඇයි? ඒවට පාර්ලිමේන්තුව උත්තර දෙන්න ඕන. ඒවට ආදායම් බදු ලිපි ගොනුවක් අරන් ඇවිත් හරියන්නෑ.
ආණ්ඩුව මහබැංකු වාර්තාවලට බයවෙලා. මහබැංකු වාර්තාව පිළිගන්වලා ඒ ගැන සාකච්ඡාවක් කරන්න. ඒක ආණ්ඩුවට වහන්න බැහැ. හෙට අනිද්දා ලංකාවේ මාධ්‍යවල රට ආපස්සට ගියා කියලා ඔප්පු කරන දවසට ආණ්ඩුව කාටවත් කතා කරන්න දෙන එකක් නෑ" යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

