2002 වසරේ නොවැම්බර් 30 වැනිදා සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පිටත් වූ ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් වසර 14කට පසු දිවයිනට ගෙන්වා ගෙන තිබේ.
සිරිපුර ගම, ඇතිලිවැව, වෙහෙරයාය පදිංචි ටී.එම්. ශි්රයාකාන්ති මහත්මිය මෙසේ දිවයිනට ගෙන්වා ගෙන ඇති අතර, ඇයගේ හාම්පුතාට එරෙහිව නඩු පැවැරීමෙන් හිඟ වැටුප් ලෙස රුපියල් ලක්ෂ 33ක මුදලක්ද ලබාගෙන තිබේ.
ශ්‍රියාකාන්ති මහත්මිය අද (16දා) දිවයිනට පැමිණි අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ මැදිහත්වීම මත ඇය දිවයිනට ගෙන්වා ගෙන තිබේ.;