වසර 13කට පසු බ්‍රිතාන්‍ය සෙබලු ඇෆ්ගනිස්ථානයෙන් නික්මෙති
ඇෆ්ගනිස්ථානයේ සිටි අවසන් බ්‍රිතාන්‍ය සෙබලු පිරිස අද (26දා) එරට හෙල්මන්ඩ් හමුදා කඳවුරෙන් නැවත සිය රට බලා පැමිණීමත් සමග ඇෆ්ගනිස්ථානය තුළ සිදුකළ බ්‍රිතාන්‍ය මෙහෙයුම් අවසන් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
වසර 13ක් පුරා පැවති සටනකින් පසුව අවසන් බ්‍රිතාන්‍ය සෙබල කණ්ඩායම මෙසේ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වන අතර, බ්‍රිතාන්‍ය තුළ සිදුකළ මත විමසුම්වලින් පෙනී ගොස් තිබෙන්නේ මෙම සටන බ්‍රිතාන්‍යයට ප්‍රයෝජනවත් එකක් නොවූ බවයි.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ තලෙයිබාන් සංවිධානය පෙරලා දැමීමට විදේශ හමුදා මැදිහත් වීමේදී මෙසේ බ්‍රිතාන්‍ය හමුදාවද ඇෆ්ගනිස්ථානයේ කඳවුරු බඳින ලදී. මෙම ක්‍රියාමාර්ගය එරට රැඳී සිටින නේටෝ හමුදා අවම කිරීමේ පියවරක් බවද කියැවෙයි.
බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ සටන් අවසන් වීම ඊයේ (25දා) බැස්ටියන් කඳවුරේදී දැනුම් දුන් අතර, එහි පාලනය ඇෆ්ගන් හමුදාව වෙත පැවරීමද එහිදී සිදුවිය.
බ්‍රිතන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ බ්‍රිතාන්‍යයට මෙම සටන ගැන සැබවින්ම ආඩම්බර විය හැකි බවයි.
ඇෆ්ගනිස්තානයේදී බ්‍රිතාන්‍ය හමුදා සෙබලු 453 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

