වසර 10කදී මාධ්‍යවේදීන් 700 දෙනෙක් ඝාතනය වෙලා
ගෙවුණු දශකය තුළදී ලොව සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන මාධ්‍යවේදීන් 700 දෙනෙකු ඝාතනයට ලක්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ හෙළා දැකීම පිණිස නම් කර ඇති ජාත්‍යන්තර හිංසනය පිටුදැකීමේ දිනය වෙනුවෙන් නිකුත් විශේෂ නිවේදනය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව පවසයි.
පසුගිය දශකය තුළදී ලෝකයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මාධ්‍යවේදීන් 700 දෙනෙකු පමණ ඝාතනවලට මුහුණ දී ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
ඝාතනයට ලක්වූ සෑම මාධ්‍යවේදියෙකුම පාහේ ජනතාව වෙත පුවත් වාර්තා රැගෙන ආ වාර්තාකරුවන් හා මාධ්‍යවේදීන් වන්නේ යැයි පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මාධ්‍යවේදීන්ට සිදුවන අපරාධවලට එරෙහි හිංසනය පිටු දැකීමේ දිනය ලෙස අද (02 දා) නම්කර තිබේ.
2013 නොවැම්බර් 02 වැනිදා මාලිහීදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංගමය මෙම දිනය නම් කළ නමුත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සමුළුව මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ දිනය සමරන්නේ නොවැම්බර් මස මැද භාගයේදීය.
2014 වසරේ අයි.එස්. තස්ත්‍රවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ බලය ඇල්ලූ දිනයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් 13කට වැඩි පිරිසක් ඝාතනය කොට ඇතැයි ඇතැම් වාර්තා පෙන්වා දේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

