වසර 08ක් වසා තිබූ මුලතිව්හි පාරක් සාමාන්‍ය වැසියන් අතට
යුද්ධයෙන් පසුව ආරක්ෂිත කටයුතු වෙනුවෙන් වසර 08ක් පුරා වසා දමා තිබූ මුලතිව් පුදුකුඩිඉරිප්පු හා වට්ටාපලෙයි යාකෙරෙන ප්‍රධාන මාර්ගය අද (01දා) සාමාන්‍ය වැසියන්ගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබිණි.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයාගේ මගපෙන්වීම මත ප්‍රදේශයේ ජනතාවගේ ජන ජිවිතය නගාසිටුවීම සහ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් යුද හමුදාව විසින් පරිහරණය කළ ඉඩම් අක්කර 133.34ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවට ලබාදෙන ලදී.
ඒ අනුව මෙතෙක් කඳවුරට පමණක් සීමා වී තිබූ පුදුකුඩිඉරිප්පු - වට්ටප්පෙලෙයි මාර්ගයේ කිලෝමීටර් 02 ක ප්‍රමාණය නැවත සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු සඳහා අද (01දා) දින විවෘත කෙරිණි.
මේ අතර, කේපාපිලව්හි ඉඩම් ලබාදුන් ඉඩම් හිමියන් විසින් නව අවුරුදු උදාවෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවීමටත්, ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබදායක වීම සඳහාද, යුද හමුදාව විසින් ඔවුන්ට ලබාදුන් ඉඩම් කොටසක ඇති කොටිටඩි පුල්ලයාර් කෝවිලෙහි කිරිබතක් පිළියෙල කර විග්නේෂ්වරමි පුජකතුමා විසින් විශේෂ පූජාවක්ද පවත්වන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



