ගෙවීගිය වසර හතරක කාලය තුලදී ශ්රී ලංගම සේවකයන්ගෙන් අය කරගත් අර්ථසාධක අරමුදලේ මුදල් මෙතෙක් බැංකුගත කර නොමැති බවත්, බැංකුගත නොකළ සමස්ත මුදල රුපියල් කෝටි 500 ඉක්මවා තිබෙන බවත් සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.
2010 වසරේ ජුනි මාසයේ සිට 2014 වසරේ ජුනි මාසය දක්වා සේවකයන් 34,272 දෙනෙකුගෙන් අයකරගත් මෙම මුදල් බැංකුගත නොකිරීම නිසා සේවකයන් විශ්රාමයාමේදී ලැබීමට නියමිත අර්ථසාධක මුදලවත් නොලැබී යාමේ අවාදානමක් පවතින නිසා මෙම ගැටලුව විසඳාගැනීමට වහාම මැදිහත් වන ලෙසට ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද එම සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.